Join With Us And Earn Money - Flytotaste.com Sub Creator

අපත් සමග එකතුවී Subtitles ලියමු – මුදල් උපයමු

ඔන්න දැන් ඔයාටත් පුලුවන් අපිත් එක්ක එකතුවෙලා Movies හා TV Series වලට subtitles ලියන්න. ඒවගේම ඔයාගෙ නම, Photo එකක් සහ social profiles ඔයා එවන හැම subtitles එකකටම අදාළව ඒ ඒ Articles වල සටහන් කරනවා. (Promote කරනවා)

ඒ වගේම ඔයා එවන Subtitles ප්‍රමාණය අනුව ඔයාට Flytotaste.com වෙබ් අඩවියෙන් මුදල් ඉපයීමේ හැකියාවක්ද තියෙනවා. ඉතින් ඔයා විනෝදය උදෙසා ලියන මේ subtitles අපිට එවලා යම් කිසි මුදලක්ද ඔයාට උපයන්න පුලුවන්.

ඔයා අපිට එවන සෑම subtitles 10කට වරක්ම අපි ඔයාට ගෙවීමක් සිදු කරනවා.

ඉතින් ඔයාට මේ මුදල ඔයාගේ Bank Account එකට එහෙමත් නැත්නම් Reload එකක් මගින් උනත් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම subtitles එකක් එවීමේදී මේ දේවල් පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි.

  • ඔයා ලියන්න ගන්න subtitle එක දැනටමත් flytotaste.com හි publish කර ඇත්ද යන වග.
  • ඔයා ලියන්න ගන්න subtitle එක දැනටමත් වෙන කෙනෙක් අරගෙනද යන වග.
  • Subtitles ලිවීමේදී ඔබේ නම සදහන් කරනවා මෙන්ම Flytotaste.com වෙබ් අඩවියද සදහන් විය යුතුයි.
  • නිතරම සිනමාපටයේ එන සිදුවීමට ආසන්නතම හැඟීම එන පරිද්දෙන් උපසිරැසි පරිවර්තනය සිදු කිරීමට වගබලාගත යුතුයි.
  • කිසිදු අයුරකින් translate scripts භාවිතා කර වෙනත් භාෂාවලින් ඇති Subs සිංහලට හරවා අප වෙත නොඑවිය යුතුයි. (යම් හෙයකින් එසේ subs අප වෙත එවුවහොත් ඔබගේ සාමාජිකත්වය කිසිදු දැනුන් දීමකින් තොරව අවලංගු කරන අතර එසේ එවා ඇති subs වල payments කපා හරිනු ලැබේ)
  • Subtitles එවීමට පෙර මතක ඇතිව Registration Form එක මුලින්ම පුරවා අප වෙත එවන්න. ඉන්පසුව අප ඔබට ලබා දෙන User-Code එක අප වෙත subtitles එවීමේදී අවශ්‍ය ස්ථාන වල සදහන් කල යුතුයි. (මෙය ඔබ අප වෙත එවා ඇති subtitles ගණනය කිරීමට යොදා ගනී)
  • අන් අයගේ subtitles නම වෙනස් කර අප වෙත එවීමෙන් වළකින්න.
  • සෑම විටම ඔබගේ මෙන්ම අන් අයගේද කතෲ අයිතිය සුරකින්න.

Subtitles එවන ආකාරය

Upload Subtitles පිටුවට ගොස්, Movie ද TV Series ද යන්න select කර අවශ්‍ය විස්තර සෑම එකක්ම පුරවා Subtitle එක .srt හෝ zip ආකාරයෙන් අප වෙත එවන්න.

මුදල් ලබා ගන්නා අයුරු

Registration Form එක පිරවීමේදී, ඔබේ දුරකථන අංකය සහ Bank Account details අප වෙත එවිය යුතුයි.

සෑම Subtitles 10කට වරක් ඔබට, අප විසින් මුදල් ගෙවනු ලැබේ.. (Reload මගින් හෝ Bank Deposit මගින්)

එලෙසම ඔබට ලැබෙන මුදල් ප්?රමාණය වැඩි කර ගැනීමටද ඔබට හැකියාවක් ඇත ?

ඔබ Subtitles ලියා ඇති Articles වල Views ප්‍රමාණය අනුව අපි විසින් ඔබට යම් මුදලක් එකතු කරනු ලැබේ.. එසේ views ප්‍රමාණය අනුව ගෙවීම් සිදුවන්නේ Views 5000 ට වැඩි Articles සදහා පමණි.

ඔබ සැමට ආරාධනා !